Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට එරෙහි දරුණු පරාජයෙන් පසු නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකයා නායකත්වය අත්හරී

2 years ago

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 2 – 0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව නවසීලන්ත නායක ටිම් සවුති සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

එම පරාජයත් සමඟ නවසීලන්ත කණ්ඩයමට ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සම්බන්ධයෙන් වන බලාපොරොත්තු අත්හැරීමටද සිදු වුණා.

ටිම් සවුති සැලකෙන්නේ මෑත කාලයේ නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන් සාර්ථක නායකයෙකු ලෙසයි.

ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්තය ටෙස්ට් තරඟ 14කට තරඟ සහභාගී වී ඇති අතර ඉන් තරග 6ක් ඔවුන් ජයගෙන තිබෙනවා.

තවත් තරඟ 02ක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබෙනවා.

ටිම් සවුති නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නවසීලන්තයේ නව ටෙස්ට් නායකයා ලෙස ටොම් ලැතම් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.