රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය පවසම්මේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කර සිටියේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ප්‍රදේශ වලට මිලී ඉටර් 150 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙසයි ඔහු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මුලතිව් ප්‍රදේශයට ඇදහැලුණු අතර එය සටහන් වූයේ මිලිමීටර් 133ක් ලෙසයි.
