අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට තිබූ බස් රථය ගංවතුර හේතුවෙන් ධාවනය කිරීම නතර කර තිබූ පසුබිමක එම ට්රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවයි වාර්තා වන්නේ.
මාර්ගය අවදානම් බැවින් ට්රැක්ටර් රථයෙන් දරුවන් ප්රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීයෑගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන්විය.
මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මකය.
ඊට අමතරව ට්රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
