Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගය දෙකඩ වන ලකුණු

2 years ago

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නිදහස ජනතා සභාව ඇතුළු පක්ෂ කිහිපයක් සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව තරග කරනු ලැබුවා.

මැතිවරණ ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා මේ වන විටත් එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම ගැසට් මගින් නිවේදනය කර තිබේ.

ඉතිරි මන්ත්‍රී ධුර හතර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නොමැත.

ඒ සඳහා ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම, සුජීව සේනසිංහ, ඉමිතියාස් බාකිර් මාකර්, ජී.එල්. පීරිස් වැනි පුද්ගලයන් මෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුෂාර ඉඳුනිල්, ඉරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, තිස්ස අත්තනායක වැනි පුද්ගලයන්ද ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සන්ධානගතව තරග කළ පක්ෂද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලීම කිරීම හේතුවෙන් සමගි ජන බලවේගය තුළ මේ වන විට බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස තරග කළ අතර එම අවස්ථාවේදීද පොරොන්දු වූ පරිදි සෙසු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුන් අතර සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගෙන්ම එවර ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 පුරවනු ලැබුවා.