Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිල ඉහළට

2 years ago

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එලවළු මිල ඉහල ගොස් ඇති බව හැටන් එලවළු වෙළඳුන් පවසයි.

එලවළු වගාවන් ජලයෙන් යට විම නිසා අස්වැන්න නෙලා ගැනිමට නොහැකි වීම, වර්ෂාව හමුවේ නෙලාගත් අස්වනු වෙළඳපොලට ප්‍රවාහනය කිරීමට නොහැකි වීම ආදී කරුණු හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විමෙන් ඇතැම් එලවළු වර්ග කිහිපයක මිල ඉහල ගොස් ඇති බවයි වෙළඳුන් කියා සිටියේ.

ඒ අනුව අමු මිරිස් කිලෝවක් රු 800, තක්කාලි රු 400, මාළු මිරිස් රු 650, බෝංචි 400 යන මිල ගණන් යටතේ මේ දිනයන්හි අලෙවි කරන බවයි වෙළඳුන් සඳහන් කළේ.

ඉදිරි දිනවලදී එළවළු මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.