Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය නිළියන් දෙපළක් වන අනූ – කනූ අගමැතිනියගෙන් කළ ඉල්ලීම

2 years ago

නවක රංගන ශිල්පිනි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් වූ පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම පිළිබදව ඊයේ (30) දිනයේත් මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ අදහස් දැක්වූවා.

මෙහිදී ඇය කියා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කර ගැනීම සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කළ බවයි.

එහිදී එම පෞද්ගලික වීඩියෝව සංසරණය වීම අවම කර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව එල්ලවන අපහාස අවම කර ගැනීමට එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දුන් බවද අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍ය ඉදිරියේ සදහන් කර සිටියා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම වීඩියෝව මුදා හැරීම පිළිබඳව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් හදුනාගත් යම්කිසි සැකකරුවන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බවත් මෙහිදී ඇය සදහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අග්‍රාමාත්‍යවරියගෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන මෙවැනි සිදුවීම් පිළිබදව කඩිනමින් විමර්ශනය කටයුතු සිදුකළ යුතු බවයි.