ගුවන් බලපත්ර සහ වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දුනීසියා ජාතිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි ඔවුන් 8 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එම පුද්ගලයින් සංචාරක වීසා මත මාස දෙකකට පෙර දිවයිනට පැමිණ ඇති බවත් හෙළිවුණා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව ගුවන් ගමන් බලපත්ර හෝ වීසා තිබී නැහැ.
කල් ඉකුත්වීම හේතුවෙන් වීසා අලුත් කිරීම සඳහා සියලු ලියකියවිලි මෙරට පිහිටි ඉන්දුනීසියා තානාපති කාර්යාලයට භාරදුන් බවයි එම සැකකරුවන් සඳහන් කර තිබෙන්නේ.
ඔවුන් 8 දෙනා සමග තවත් 191 දෙනෙකු මෙරටට පැමිණ විවිධ ප්රදේශවල සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සැකකරුවන් නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පවසනවා.
