Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

supreme court sri lanka

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට දැනුම්දීමක්

2 years ago

උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය හමුවේ ඇතිවූ සමථය අනුව කටයුතු කර තිබේදැයි පැහැදිලි කරන වාර්තාවක් ලබන පෙබරවාරි මස 27 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නීතිපතිවරයාට දැනුම් දුන්නා.

පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම දැනුම් දීම සිදුකළා.

ගාමීණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසෙම සලකා බැලුනා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ගුරු පුහුණුව ලැබූ සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයක් ඇති වුවද එම සමථය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.

RELATED: සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමට අදාළව රජය ගත් තීරණය