Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මඩේ එරී අසාධ්‍ය තත්වයේ පසුව වූ ඇතින්නිය මරුට

2 years ago

ආහාර සොයා ගම්වැද මඩේ එරී අසාධ්‍ය තත්වයේ පසුව වූ ඇතින්නිය ඊයේ (04) පෙරවරුවේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඇතින්නිය ගොඩගැනීම ඉතා අසීරු කටයුත්තක් වූයේ කුඹුරක් මැදින් බැකෝ යන්ත්‍ර රැගෙන යාමේ දැඩි අර්බුදයක් පැවතීම හේතුවෙනි.

කෙසේවෙතත් සිදුවීම සිදු වූ දිනයට පසුදින ම වව්නියාව – කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇතින්නිය ව ගොඩගැනීමට බැකෝ යන්ත්‍ර ගෙනැවිත් උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබුණා.

ජලය සහ ආහාර නොමැතිව එකම ස්ථානයේ දිගු දිනක් මෙවැනි විශාල සත්ත්වයෙකු සිරවී සිටීම හේතුවෙන් ඇතින්නිය ශරීරයෙන් දුර්වල වී ඇති බවටයි පශු වෛද්‍යවරු පැවසුවේ.

ඊයේ දක්වා ම ඇතින්නියගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය ආහාරපාන, සේලයින් මෙන්ම ඖෂධ ලබාදුන්න ද එම සත්ත්වයා මියගොස් තිබෙනවා.

අවුරුදු 50කට වඩා වයසින් යුතු මෙම ඇතින්න දෙවරක් පමණ ගැබ්බර වී ඇති සත්ත්වයෙක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඇතින්න බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඔසවා තැබුව ද දැඩි සෙයින් දුර්වලව සිටීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේම තැබීමට සිදුවුණා.