කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී ඇතැයි යුද හමුදාව පවසයි.
පසුව එම පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව ඇත.
එලෙස අතරමංව ඇත්තේ, වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන පිරිසකි.
ඔවුන් හන්තාන කන්ද නැරඹීමට ගොස් එය තරණය කර පසුව එහි අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹීමට ගොස් ඇත.
පස්වරු 6.00 පමණ වන විට අධික මීදුම සහ සීතල හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළි ගමන් මාර්ගය සොයා ගැනීම අපහසු වී තිබේ.
මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කෙරිණි.
පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා අද (05) අලුයම් කාලයේ සරසවිගම ප්‍රදේශයෙන් එම සිසුන් ආරක්ෂිතව පහළට රැගෙන විත් තිබේ.
