Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ වරාය ව්‍යාපෘතියට අමෙරිකානු සල්ලි එපා! අදානි දැනුම්දෙයි!

2 years ago

කොළඹ වරාය ව්‍යපෘතිය සඳහා අදානි සමාගම අමෙරිකානු සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන්(IDFC)  සිදු කළ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ Adani Ports and Special Economic Zone Ltd  සමාගම එම සංවර්ධන කටයුතු සඳහා අදානි සමාගමේ අභ්‍යන්තර අරමුදල් භාවිතා කිරීමට තීරණය කර ඇති බවයි.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2025 මුල් භාගය වන විට ආරම්භ කිරීමට නියමිත බව එම සමාගම පවසා තිබෙනවා.

අදානි සමාගම මෙම තීරණය දැනුම් දී ඇත්තේ සිය සමාගමට එල්ල වූ අල්ලස් චෝදනා හමුවේ අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල ලබා දීම සම්බන්ධව යළි ඇගයීමක් සිදුකරන බව අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව පවසා ඇති පසුබිමකයි.

ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි යටතේ පාලනය වන Adani සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, ඊට සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද අයත් වෙනවා.

ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට පර්යන්තයේ 34% ක කොටස් හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තය (CWIT) සංවර්ධනය කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ආධාර කිරීම සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 553 ක ණයක් ලබා දීමට එකඟ වී තිබුණා.

කෙසේ නමුත් පසුගිය මාසයේ, එක්සත් ජනපද බලධාරීන් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ තවත් හත් දෙනෙකුට ඉන්දීය නිලධාරීන්ට අල්ලස් දීමේ ඩොලර් මිලියන 265 ක යෝජනා ක්‍රමයක කොටස්කරුවන් වූ බවටත්, එහි අරමුදල් රැස් කිරීමේදී එක්සත් ජනපද ආයෝජකයින් නොමඟ යැවූ බවටත් චෝදනා එල්ල කරනු ලැබුවා.