ඇමෙරිකාවේ, විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, ගුරුවරයෙක් සහ සිසුවෙකි.
වෙඩි තැබීම 15 හැවිරිදි සිසුවියක විසින් සිදු කර ඇති අතර වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේදීම ඇය සියදිවි හානිකර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැඩිසන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
