Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිලියන 280ක රත්‍රං රටින් පන්නන්න හැදූ 3කට වැඩ වරදී

2 years ago

කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් මිලියන 280කට අධික වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන තිදෙනෙකි.

සැකකරුවන් ගමන් ගත් ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.

විමර්ශන නිළධාරීන් සැක පළ කරන්නේ සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවටයි.

අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.