තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව තරුණ සේවා සභාව කළ විගණනයකදී අනාවරණය වී තිබෙනවා.
එම කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ එවක ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේයි.
මෙම විගණන වාර්තාව මඟින් අනාවරණය වී ඇත්තේ මෙම සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා තිස් දෙකෝටි තිස් තුන් ලක්ෂ අනූ තුන් දහස් දෙසිය හතළිස් නවයක මුදලක් වැය කර ඇති බවයි.
මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, මහියංගනය, හැටන්, හිඟුරක්ගොඩ, බණ්ඩාරවෙල, වැලිසර, කොළඹ තුරඟ තරඟ පිටිය, කෙත්තාරාමය ක්‍රීඩාංගණය යන ස්ථානවල මෙම සංගීත සංදර්ශන පවත්වා තිබුණා.
මේ අතර, මෙම විගණන වාර්තාව සියලු ඇමුණුම් සහිතව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් දී ඇත්තේ මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
