Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියානුවන් හඬවමින් ඕස්ට්‍රේලියාව ලෝක ශූරතාවලියේ අවසන් තරගයට

2 years ago

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට  ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවිය.

ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමත් සමගය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181ක් පමණි.

ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක පහසු ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 4ක් දැවී පහසුවෙන් හඹායෑමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.