Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස්ගතවීමේ සිහිනය සැබෑ කරගන්න ‘අයිස්’ විකුණූ උපාධිධාරී තරුණිය පොලිසියට කොටුවෙයි

2 years ago

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකුගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී තරුණියකි.

මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් ද හිමි අතර විදෙස් ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස මත් ද්‍රව්‍ය අලෙවියේ නිරතව ඇති බවට අනාවරණය වූ බව පොලිසය පවසයි.

පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් ලද තොරතුරක් මත නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුගේ මත්දුව්‍ය ජාලය මොහයවන හංවැල්ල ප්‍රදේශය බාර පුද්ගලයා සමග ඇයගේ ඥාතියකු සමීප සම්බන්ධතාවයක් පවත්වන බැවින් එම සම්බන්ධතාවය මත මෙම සැකකාරිය අයිස් මත් ද්‍රව්‍ය ලබා ගෙන අලෙවියේ නිරතව ඇති බවත් සැකකාරිය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත් ද්‍රව්‍ය විකුණා ඇති ද යන්න වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.