Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැමට නිවසක හිමිකම ලබාදීමේ අරමුණින් නිවාස යෝජනා ක්‍රම යළි අරඹයි

2 years ago

සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීමේ අරමුණින් අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

අදාළ ව්‍යාපෘති ප්‍රමුඛතාව මත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

මේ වන විට සුව පහසු නිවාස හිමිකමක් නොමැති පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 65,000 ක් සිටින්නේ කොළඹ නාගරික සීමාවේ යි.

ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව ලේකම්වරයා සඳහන් කළා.