වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරනා අතර වන අලින් ගමන්ගන්නා ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මගින් අලි-මිනිස් ගැටුම් අවම කිරීමට අපේක්ෂා කෙරේ.
ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වන අලින් භෝග වගාවන්ට හානි කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙනා අතර අනුරාධපුර දිස්ත්රික්කයේ අලි-මිනිස් ගැටුම් උග්‍රව පවතින දිස්ත්‍රික්කයක් වේ.
ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කළේය.
මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ
