කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව සඳහන්.
අද (11) උදෑසන 6:30ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයී වාර්තා වන්නේ.
