ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරු 5.00ට චීන මහජන ශාලාවේදී පවත්වා තිබෙනවා.
චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයාව චීන ජනාධිපති විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණා.
අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතාබහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.
එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටින බව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං හමුවේ පවසා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“චීනයේ ආර්ථික, කාර්මික සහ තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධන මෙන්ම මානව සංවර්ධනය අතින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.”
“ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්‍රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.”
“චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යොන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
