හොරණ නගරයේ පිහිටි පාසල්වල දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එය පාලනය කිරීම සදහා අද හදිසියේම විශේෂ කායර් බලකාය සහ පොලිසිය කැඳවා ඇත.
නිල ඇඳුමින් පාසල නිමවී නගරය පැමිණෙන සිසුන් නගරය තුලදී පාට ඇඳුමින් සැරසී අනෙක් සිසුන් අතරට පැමිණ පහර දෙන බව කඩ හිමියන් පවසනවා.
ඊයේ දින (22) ඇති කරගත් ආරවුලක් හේතුවෙන් වෙළඳ සැලක් ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබෙනවා.
