කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ (26) දින පස්වරු 3 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදිය.
කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථය ධාවනය කර ඇත.
අධික වේගයෙන් ධාවනය කර ඇති එම රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළී මෙම අනතුර සිදුව තිබේ.
කෙසේ නමුත් තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවුණත්, ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව වටවල පොලීසිය පවසයි.
