Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන ඉංජිනේරුවෙක් මෙරටදී සිදුකළ කසිප්පු ජාවාරමක් වටලයි

2 years ago

වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මත එම පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු බුණ්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසකදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අදාළ චීන ජාතිකයා සතුව ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

සැකකාර චීන ජාතිකයා නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයකු වශයෙන් වැඩකළ අයෙකු බව වාර්තා වේ.

වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ලබාගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර, අත්අඩංගුවට ගත් චීන ජාතිකයා අලුත්කඩේ අංක දෙක උසාවියට ඉදිරිපත් කර ඇත.