ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුට උදව් කළ බවට සැක කෙරෙන කාන්තාවක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවිය.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබේ.
අදාළ කාන්තාව පිළිබඳ විස්තර පහත දැක්වේ.

