දක්ෂිණ අධිවේගී මාර්ගයේ හොරණ කඩවත සහ පානදුර – කඩවත බස් රථ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී මේ වානවිට වර්ජනයක් අරඹා තිබෙනවා.
බස් රථ ගාස්තු ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
එම බස් රථවලින් අය කළ රුපියල් 400ක මුදල මාර්ගස්ථ ප්රවාහන අධිකාරිය සහ ශ්රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව එක්ව සංශෝධනය කිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
එම මාර්ගවල ධාවනයවන බස් රථවල හිමිකරුවන් පවසන්නේ මාර්තු පළමු වනදා සිට ක්රියාත්මක කිරීමට නියෝග කර ඇති නව ගාස්තු සංශෝධනයකට අනුව හොරණ – කඩවත බස් මාර්ගයේ ගාස්තුව රුපියල් 330ක් ලෙස ද පානදුර – කඩවත මාර්ගයේ ගාස්තුව රුපියල් 360ක් ලෙසට ද අඩුකර ඇති බවයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන, අමතර කොටස්වල මිල ඉහළ යෑම වැනි ගැටලු හේතුවෙන් එම ගාස්තු යටතේ ධාවනය කළ නොහැකි බව පවසමින් මෙම වර්ජන ක්රියාමාර්ගයට අවතීර්ණ වූ බව බස් රථ හිමියන් වැඩිදුරටත් පවසනවා.
