Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුට අධිකරණයෙන් දුන් නියෝගය

2 years ago

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (12) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා එම නියෝගය ලබාදී තිබුණි.

සැකකරුගේ සහෝදරිය මෙම සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජංගම දුරකථන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය 10 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිට නිල නිවසට යමින් සිටි වෛද්‍යවරියක් බරපතළ ලෙස දූෂණය කර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (11) දින අත්අඩංගුවට ගත් අතර ඔහුව මෙලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.