Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නඩුවකට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

2 years ago

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන්න නඩුව අද(26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද දිනයේ සිදු කළ අතර එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ නඩුව වැඩිදුර විභාගය සඳහා ජූනි මස 23 වනදා කල් තැබීමට නියෝග කළා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.