ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හිටපු උප සභාපතිවරයෙකු වන එල්. ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර කතරගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අශෝක වික‍්‍රමසිංහ ද අත්අඩංගුවට ගත් අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුලු පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ ද සටහන් කර ගත්තා.
