2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා තමන්ට එල්ල වී ඇති අධිචෝදනා සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතා නඩුවක් වැටීම පිළිබඳව තමා සතුටට පත්වන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා :
“එතකොට මේ තරම් ආයෝජනයක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා රට නිදහස් කරපු හින්දා. ඒ වගේ නායකයෙකුට සුභ පතලා නඩුවක් වැටුනා කිව්වම මම හරි සතුටු වෙනවා. නිකං මේ පත්තරේක දැන්වීමක් දැම්මාා කියලා, නඩු දැම්මම ප්‍රශ්නයක් නැහැ අපි ඒ නඩුවට පෙනී ඉන්නවා. හැබැයි අපේ දේශපාලන ගමන නවත්තන්න බැහැ. දැන් අපි තවත් පන්නරයක් මේකෙන් ගන්නවා.
මැතිවරණයට මුදල් වියදම් කළා කියලා කිසිම නඩුවක් නැහැ. පෝස්ටර් ගැහුවා කියලා කිසිම නඩුවක් නැහැ. මම ඊයේ පුවත්පත්වලින් සහ මාධ්‍යවලින් දැක්කා අධිචෝදනා යොමු කරලා තියෙනවා කියලා ඒකෙ යටින් තිබුණා මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පදවි ප්‍රාප්තිය සඳහා ආයෝජන මණ්ඩලයේ මම අමාත්‍යවරයා හැටියට ඉන්නකොට ඒ සඳහා පුවත්පත් දැන්වීමකට අනුමැතිය දීලා කියලා.
සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට පුවත්පත් දැන්වීමක් දානකොට ආයතනයෙන් ඇමතිවරයා ගාවට ගේනවා. අවශ්‍ය දෙයක් නම් ඒක නිත්‍යානුකූලව කරගෙන යන්න කියලා. මට තාම අධිචෝදනාපත්ර ආවේ නැහැ. මෙතන තියෙන්නේ මම දැක්ක විදිහට මේ පුවත්පත් දැන්වීම පළ කිරීම තුළින් ආයෝජිත මණ්ඩලයට අලාභයක් සිද්ධ වුණා කියලා. ඔය දිනේ මම බැලුවා පුවත්පත් පනස් දෙකක තියෙනවා ආයතන පනස් දෙකකින් සුභ පතලා එතුමගෙ දෙවන පදවි ප්‍රාප්තියට.මම දන්නෙ නැහැ ඇයි මේක විතරක් ඉදිරියට ගත්තේ කියලා. සාමාන්‍යයෙන් මම ඒ පුවත්පත් දැන්වීම් බැලුවම ඒකෙ තියෙනවා, මහින්ද රාජපක්ෂ මහතා 2009 යුද්ධය අවසන් කලාට පස්සේ, ආයෝජනය ලංකාවට ආපු ආකාරය. එතකොට 2009 ඉඳලා 2012 වෙනකම් ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට මම තමයි වැඩියෙන්ම ආයෝජනවලට අත්සන් කරලා තියෙන්නේ ඒ කාලේ. මම අද සතුටු වෙනවා ඒ මම ආයෝජනවලට අත්සන් කරපු එකම එකකින්වත් මට දූෂණයකට චෝදනාවක් නැති වීම ගැන”
කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
