Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ පුරපති සටන උණුසුම් වෙයි

2 years ago

පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇති කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජුනි මස 02 වැනිදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

දේශපාලන පක්ෂ සභිකයන් දිනා ගැනීමට රහස් සාකච්ඡාද මේ දිනවල දිගින් දිගටම පවත්වමින් සිටී.

එසේම බලය පිහිටුවීම සඳහා විරුද්ධ පක්ෂයන්හි සභිකයන් දිනා ගැනීමට විවිධ වරප්‍රසාද වරදාන පිළිබඳ පොරොන්දු ලබාදීමටද බොහෝ පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

පවතින වාතාවරණය යටතේ මෙම ඡන්දය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.