Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා ප්‍රාථමික පාසල්හි පරිවර්තනීය වෙනසක්

2 years ago

2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව මෙම වැඩසටහන දියත් කෙරේ.

මේ යටතේ දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත පාසල් බවට සංවර්ධනය කිරීමට නියමිතය.

මේ සඳහා වන සාකච්ඡාවක් “ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය” මැයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා රාත්‍රී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ජයනි ප්‍රසංගිකා, අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන සුජාතා කුලේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා.