ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථක බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළා.
ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය වන්නේ අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ.
ඒ අනුව යමින් මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බව එතුමා අවධාරණය කරනවා.
