Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

2 years ago

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් හෙට (19) මිලිමීටර් 100 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් හා දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.