Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන දැනුම්දීමක්

1 year ago

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව අවධානය යොමුකරන ලෙසයි.

ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවය.

මේ අතර ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.