මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.
මොණරාගල සිට කොළඹ බලා පැමිණෙමින් තිබු මෙම බස් රථය මාර්ගය අයිනේ නතර කර තිබු ලොරියක පසුපස ගැටි එහි නවතා තිබු තවත් ලොරි තුනක සහ රෝසා බස් රථයකද එකිනෙක ගැටි වාහන සියල්ලටම දැඩි අලාභ හානි සිදුව ඇත .
ඒ ආසන්නයේ ඇති වෙළඳසැලක හිමිකරු තමාට අයත් ලොරි රථ තුන මෙලෙස වෙළඳ ආයතනය ඉදිරිපස රාත්රි කාලයේදි නතර කර තිබි ඇති අතර තවත් වෙළඳ සැල් හිමියෙක් තමාට අයත් රෝසා බස් රථයද තම වෙළදසැල ඉදිරිපිට නතර කර තිබි ඇත.
අධික වේගයෙන් පැමිණි බස් රථය මුලින්ම නවතා තිබු ලොරියේ හැපි රථ පේළියම එකිනෙක ගැටිමෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව තිබේ.





