Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු අප්‍රිකානුවෝ ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

1 year ago

ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගයේ සිව්වන දිනය අදයි. කාලගුණයෙන් බාධාවක් නොවුණහොත් නිසැක වශයෙන් අද (14) මෙම තරගයේ අවසාන දිනය වනු ඇත.

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ගැටෙන අවසන් මහා තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙවැනි දිනයට තරගය නවත්වන විට කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන සිටියා.

දෙවැනි ඉනිමට ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානුවන්ට ඒ අනුව අද දිනයේදී තවත් ලකුණු 69ක ඉලක්කයක් හිමියි.

ලකුණු 138කට සීමා වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් ඇරඹූ ඔස්ට්‍රෙලියානු දෙවැනි ඉනිම නිමාවන විට ලකුණු 281ක් දක්වා ඉදිරියට ගෙන ඒමට සමත් වුණා.

එහිදී, දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 207ක් රැස් කර ගත්තා.

පන්දුවට පහරදුන් Maus Labuschagne ලකුණු 22ක්ද, Usman Khawaja ලකුණු 06ක්ද, Steven Smith ලකුණු 13ක්ද, Travis Head සහ Beau Webster ලකුණු 09 බැගින්ද, Alex Carey ලකුණු 43ක්ද, නායක Pat Cummins ලකුණු 06ක්ද, Nathan Lyon ලකුණු 02ක්ද, Josh Hazlewood ලකුණු 17ක්ද, රැස් කළා.

නොදැවී පන්දුවට පහරදුන් Mitchell Starc ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kagiso Rabada කඩුළු 04ක්ද, Lungi Ngidi කඩුළු 03ක්ද, Marco Jansen, Aiden Markram සහ Wiaan Mulder එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.

අනතුරුව දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Ryan Rickelton ලකුණු 06ක්ද, Wiaan Mulder ලකුණු 27ක්ද, නායක Temba Bavuma නොදැවී ලකුණු 65*ක්ද, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ Aiden Markram නොදැවී ලකුණු 102*ක්ද රැස් කරගෙන සිටිනවා.

පන්දු යැවීමේදී, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ Mitchell Starc කඩුළු 02ක් දවාගත්තා.

සිව්වැනි දිනයට තරගය හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.