Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයෙන් ප්‍රබල රටවල් තුනකට අනතුරු ඇඟවීම්

1 year ago

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් තුන කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට  කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

මේ අතර ඉරානයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම තම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහු පවසයි.

එමෙන්ම අද (15) පැවැත්වීමට තිබූ ඉරානය සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා අවලංගු කර ඇති බවද වාර්තා වේ.