කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (15) අළුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව පොලිසිය සැකකරනු ලබන්නේ මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
