කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
ඒ අනුව කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ වායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කර තිබෙනවා.
මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රිසා සරුක් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.
කෙසේ නමුත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතුව විය.
දැඩි පරිශ්‍රමයකින් පසු උණුසුම් තත්ත්වය පාලනය කර බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් රහස් ඡන්ද විමසීම මඟින් කොළඹ පුරපතිවරයා තෝරාපත්කර ගැනීමට යෝජනා කළාය.
