Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුපිරි ඉන්දීය නළුවෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

1 year ago

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් අද (19) පස්වරුවේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණියා.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි විසින් ඒ පිළිබඳව සභාවට දැනුම් දුන්නා.

මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කරමින් සිටියදී නීති සම්පාදකයින් නළුවාට ආචාර කර තිබුණා.

මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට ඉන්දීය නළු, චිත්‍රපට නිෂ්පාදක, පසුබිම් ගායක, සහ අධ්‍යක්ෂකවරයෙකු වෙන මොහාන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 15 වැනිදායි.

ඒ, ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන “Patriot” චිත්‍රපටයේ දින තුනක රූගත කිරීමක් සඳහායි.