වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, “නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ශනීය ගමනාන්තයක්” යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබුණා.
එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන ඉලක්කයන් ළඟා කර ගැනීම සහ ඉහළ මට්ටමේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා ක්‍රියාමාර්ග ගැනීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ අමාත්‍යාංශ, ආයතන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල නියෝජනයන් ද සහිතව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා
