Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මරුට

1 year ago

ඕපනායක ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නෑමට ගිය 12 හැවිරිදි සිසුවෙකු දියේ ගිලිමෙන් මරණයට පත්ව තිබෙනවා.

ඕපනායක පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය.

මියගොස් ඇත්තේ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. 

මියගිය සිසුවා ද ඔහුගේ පියා සමග හෝටලයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

දියේ ගිලුණු සිසුවා තවත් පිරිසක් සමග දිය නාමිනි සිටින අතර දියේ ගිලෙන ආකාරය හෝටලයේ cctv කැමරාවක සටහන් වී තිබුණා.

මෙම හෝටලයේ පිහිනුම් තටාකය ආනාරක්ෂිත ආකාරයට තිබු බවත් ජීවිතාරක්ෂකයින් ද නොසිටි බවත් හදිසි මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.