Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු වැටුප් ඉහළ දැමීම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්! 157,000ක වැටුපක්!

1 year ago

නුදුරු අනාගතයේදී ගුරු වෘත්තිය ශ්‍රී ලංකාවේ වැඩිම වැටුප් ලබන රැකියාවක් බවට පත්වනු ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය අයවැය තුළින් ඉහළම වැටුප් ලබන ක්ෂ්‍රේත්‍ර 10 තුළට ගුරු සේවය රැගෙන ආ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුරුවරුන්ගේ ආරම්භක වැටුප රු. 53,000ක් වන අතර, පළමු ශ්‍රේණියේ ගුරුවරුන්ගේ මුළු වැටුප රු. 157,000ක් බව මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 15%කට පමණක් ඉහළම සාමාන්‍ය වැටුප ලැබෙන බවද අනාවරණය විය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මහ බැංකුවේ කාර්යාල සහායකයින්ට සමහර ගුරු වෘත්තීන්හි නියුතුවන අයට වඩා වැඩි වැටුපක් ලැබෙන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.