Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 120ක් පිල්ලි ගැසූ රජයේ නිළිධාරිනියක් හා නිළධාරියෙක් කොටුවෙයි

1 year ago

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

වසර හතරකට ආසන්න කාලයක් පුරා එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව පැවසෙන සිදුවිමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කළ පැමිණිල්ලක් මත  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වීමෙන් පසු ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කර තිබූ අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.