Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම්චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

1 year ago

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු වන කුසුම්චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඒ මහතා 79 වන වියේ පසුවුණා.

ජයශක්ති,  මුතු සලඹ,  ආත්ම වරුසා, විජයග්‍රහණය,  ඉන්පෙක්ටර් ගීතා ආදී චිත්‍රපට රැසක් කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අධ්‍යක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම පූර්ණිමා,  සුමේරු , නිසංසලා ආදී ටෙලිනාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කර ඇති ඒ මහතා කුණ්ඩල කේසි, මරුසිරා,  සක්විති රජ ඇතුළු වේදිකා නාට්‍ය රැසක ද නිර්මාණකරුවා වනවා.

ලාබාල වයසේදීම මෙරට චිත්‍රපට කලාවට ප්‍රවිෂ්ඨ වූ කුසුම්චන්ද්‍ර ගමගේ මහතා අවුරුදු 55ක් මෙරට කලාව පෝෂණය කිරීමට දායක වූ නිර්මාණකරුවෙක්.

ඒ මහතාගේ දේහය කොස්ගම පහළගොඩගම ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන අඟහරුවාදා කොස්ගම සුදුවැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.