ඇල්ල- වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණාඇල්ල අතර කොටසේ 15 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතර කාන්තාවන් 9 දෙනෙකු සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල රෝහල වෙත අතුළත් කෙරුණා.
ඒ අතර කුඩා ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්වුණේ ඊයේ අලුයම විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක්.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්විය.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය පැවසීය.
