Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංචාරක පැමිණීම ලක්ෂ 16 ඉක්මවා යයි

1 year ago

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ  (07) වන දින වනවිට  1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇති අතර එය 27.1%කි. 

තවද, එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.