Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට මානව හිමිකම් ගැන එක්සත් රාජධානියෙන් ප්‍රකාශයක්

1 year ago

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර තිබෙනවා.

මෙරට මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව එක්සත් රාජධානිය පෙන්වාදෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බව ද අදාළ ප්‍රකාශය මගින් ඔහුන් පෙන්වා දී තිබෙනවා.

ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන අතර අදාළ ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව ද එක්සත් රාජධානිය පවසනවා.

මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බව එක්සත් රාජධානිය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් සමන්විත මූලික කණ්ඩායමද ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.