අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (14) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.
ඉකුත් රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් සිදු කරන බව මනුෂ නානායක්කාර මහතා සිය අපේක්ෂිත ඇප පෙත්සමෙහි සඳහන් කර තිබුණා.
මෙම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පවසමින් හිටපු අමාත්‍යවරයා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ, තම සේවාදායකයා හෙට (15) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවයි.
