Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල පාතාලයින්ගේ මිලියන 39,000ක දේපොළ රාජසන්තකයි

1 year ago

සංවිධානාතමක අපරාධකරුවන්ගේ බවට තහවුරු කරගත් රුපියල් කෝටි 3,902ක් වටිනා දේපොළ රාජසන්තක කිරීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.

2021 වසරේ සිට 2024 දක්වා අදාළ රාජසන්තක කිරීම සිදුකළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර 2025 වසරේ මේ දක්වා සංවිධානාතමක අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 73ක් වටිනා දේපොළ රාජසන්තක කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ට අයත් රන් පවුම් 354ක්, වාහන 72ක්, නිවාස 35ක් සහ අක්කර 37ක් පමණ ඉඩම්ද මේ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මීට අමතරව රුපියල් 67කෝටියක් වටිනා මුදල්ද මේ අතර වන බවද වැඩිදුරටත් පැවසුවා.

අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ.